මාලිමාවෙ නුවරින් වැඩිම මනාප අරගෙන දැන් ගොවිකම රකින කාන්තියක් තිබුණු කටකාර හාදයා ටිකක් නිශ්ශබ්ද වෙන්න තීන්දු කරලලු. එයා ආයේ මාධ්‍යයට එහෙම කතා කරන්නෙ නෑ කියලලු කියන්නෙ. ඒකට හේතුව පක්ෂය ඇතුළෙනුත් එයාට ආපු එක එක බර බර නිසාලු.
කොහොම වුණත් මෙයා තීරණය කළාලු කාලයක් කට වහගෙන ඉන්න. ඉතින් දැන් මෙයා කරන්නෙ තමන්ට ලැබිච්ච පදවිය ආරක්ෂා කරන් ගොවිතැන් කරගෙන පාඩුවේ ඉන්න එකලු. දැන් මාධ්‍යයෙන් කෝල් එකක් එනවටවත් කැමති නෑලු.