ප්රශ්න පිට ප්රශ්න මතුවෙච්ච ටැලිෆෝන් පාටියෙ ජාතික ලැයිස්තු ප්රශ්නෙ අස්සෙ රසවත් දේවල් ගණනක්ම වාර්තා වුණා. ඔය ලැයිස්තුවෙ හිටපු ඈත පළාතකින් ආපු එක්තරා හාල්වලට නම් දැරූ පොරක් මන්ත්රී වෙන්න සූට් බූට් මහල තමන්ගෙ ගෝල බාලයන්ටත් කතා කරල අහවල් දවසෙ මම දිවුරුම් දෙනව... ඒකට එන්න යන්න කියලත් ආරාධනා කළාලු. යන අයට වාහන පෙළපාලියකින් එන්න කටයුතු සලස්වපු මුන්නැහේ හෙලිකොප්ටරයකින්ලු දියවන්නා කවුන්සිලේට එන්න හිටියෙ.
මේ සේරම හරිගස්සල තියෙද්දි ජාතික ලැයිස්තුව නිවේදනය කළා. මෙයාගෙ නම අහලකවත් තිබුණෙ නැහැල්ලු. අන්තිමට ලැජ්ජාවටම මල පැනල හිටපු මෙයා ටැලිෆෝන් පාටියෙ ඉන්න ‘ෆොනී’ අමතා සැරටම කතා කළාලු. හරි අපි බලාගනිමු කියලත් කිව්ව බවයි ආරංචි. පක්ෂයට දීපු සල්ලිවලට සලකපු හැටි අපූරුයි කියල බැණගෙන බැණගෙන ගිය බවත් තතු දත් අය කියනව.