දියවන්නා කවුන්සිලේ ඉන්න ආණ්ඩු පක්ෂයෙ හුඟදෙනෙක් කියන්නෙ අපට විශ්‍රාම වැටුප් එපා කියලයි. ඒත් විපක්ෂයෙ ඉන්න හැමෝම පාහේ කියන්නෙ අපිට විශ්‍රාම වැටුප ඕන කියලයි.
ඔය අස්සෙම විපක්ෂයෙ ඉන්න එකම එක කරුණාබර මන්ත්‍රී කෙනෙක් තමන් විශ්‍රාම වැටුප් ගැනීමට විරුද්ධයි කියල ආණ්ඩුවෙ ලියුමකටත් අත්සන් කළාලු. මෙයා එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. ලොකු ධනවතෙක් වගේ හිටපු බලවත්ම ඇමැති සයිස් පොරක්ලු.
මේ පාර බලෙන් වගේ ජාතික ලැයිස්තුවෙන් දියවන්නාවට ආපු මුන්නැහේ දුප්පත් මන්ත්‍රීන්ගෙ විශ්‍රාම වැටුපට තට්ටු කරන්න කැමැත්ත දීම ගැන එයාගෙම පක්ෂයෙ ඉහළම උදවියත් එයා එක්ක තරහින්ලු ඉන්නෙ.