මේ පාර පාර්ලිමේන්තු එන්න බැරිවුණු දුරකථන පාටියෙ බහුතරයක් දෙනා අලියා එක්ක කන්න හදන දීගෙට සම්පූර්ණ විරුද්ධයිලු. ඒකට හේතුව පක්ෂය කඩාගෙන දුරකථන පාටිය හදපු එකයි, අරගලය කාලේ අලියගේ ලොක්කා එළවන්න ගහපු ගේමුයි නිසා මේ දීගේ ඉරහඳ වගේ දුරකථන පාටිය නැත්තට නැති කිරීමක් කියලයි කට්ටිය කියන්නෙ. අන්න ඒ නිසා එයාලගේ විරෝධය දැනටම කියලා ඉවරයිලු.
කොහොම වුණත් කියන දේ නාහා දීග යන්න ගියොත් කට්ටියක් එළියට බැහැලා මාධ්‍ය අමතනවා කියලා තීරණය කරලලු තියෙන්නෙ. ඒකෙ පළවෙනි කොන්තරාත් එක දීලා තියෙන්නෙ කොළඹ පැත්තෙ ප්‍රේමයට බර හඳකටලු. ඉතින් එයා පළවෙනි මල් වෙඩිල්ල ගහන්නලු යන්නෙ.