පොලිසියේ ලොකු පුටු මාරුවලට හේතුව ගොඩක් අයට ප්‍රශ්නයක්ලු. කොටින්ම කිව්වොත් ආණ්ඩුවේ අයට පවා. මේ සම්බන්ධයෙන් පළවෙනි ලැයිස්තුව එනකොට සමහර අයගේ නම් දැකලා ආණ්ඩුවේ අය ගැස්සුණාලු. ඒ සමහර පොලිසියේ අය කාටවත් පක්ෂව නැතුව වැඩ කරපු අයලු. සමහර අය මෙයාල එනවට කැමැත්තෙන්ම හිටිය අයලු. මේක ගැන අහලා මාරුවීම් ඉල්ලපු පොලිසිය භාර කාර්යාලයේ ලොක්කන්ට පණිවිඩ යැව්වම ඒ අය කිව්වේ රිපෝට් හරි නෑ කියලලු.
කොහොම වුණත් පොලිසිය භාර ඉන්න තැන ලොක්කෙක්ගේ වැඩ ගැන ආණ්ඩුවටත් වැඩිය දැන් දැන් අල්ලන්නෙ නෑලු. ඒකට හේතුව මෙයාගේ ළඟම හිතවත්තු පොලිසියේ හිටිය අන්ත දූෂිත පොලිස් හාදයොලු. ඉතින් මේ හාදයෝ එක්ක ගනුදෙනු කරන මෙයා හිතුමනාපෙට පොලිසියේ හොඳම අයගෙනුත් ඇරියස් අල්ලනවා වගේ කියලා ආණ්ඩුවේ ලොකු තැන්වලට දැනිලා. මොකද එයා කියනවලු “මේ පොලිස් නිලධාරියා ඉස්සෙල්ලා අහවලාගේ කෙනෙක්” කියලා. ඒත් ආණ්ඩුවේ අය දන්නවලු ඒ නිලධාරියා වැඩියෙන්ම සමීපව වැඩ කරලා තියෙන්නෙ එයාලා එක්ක කියලා. ඉතින් දැන් වැඩේ අතේ මාට්ටු වෙලාලු තියෙන්නෙ.