2025 මාර්තු 01 වන සෙනසුරාදා

අලුත් පාරක්‍

 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 541

පසුගිය දවසක වයඹ පළාතෙ ප්‍රසිද්ධ උමං පන්සලක පැවති උත්සවයකදි හිටපු ලොකු තැනයි මහින්ද උන්නැහෙයි හමුවුණා. දෙන්නා හමුවෙලා සෑහෙන වෙලා ලොකු කතාවක් දාගෙන හිටියලු...

මෙතෙන්දි කතා වෙලා තියෙන්නෙ ආණ්ඩුව ගැනයි කියලත් ආරංචියි. ඉදිරි ඡන්දය ගැනත් හුඟක් කතාබහ වුණාලු.
අපි පොදු තීන්දුවකට එන්න ඕන කියන තැනට කතාව ආවට ඒ ගැන වෙනම සාකච්ඡාවක් කරමු කියල නායකයො දෙන්නා තීන්දුවක් ගත්ත බව තතු දත් අය කියනව.

කොහොම හරි එහෙම මහින්ද උන්නැහෙයි රනිල්තුමයි එකතු වුණොත් මෛත්‍රීපාල එතෙන්ට එන්න ඉඩ තියෙන බවට මේ කතාබහේදි සංඥාවක් ලැබුණලු.