2025 මාර්තු 01 වන සෙනසුරාදා

එකට වැඩ කරන්නලු යන්නෙ

 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 471

අලි දුරකතන හවුලට දුරකතනයේ සමහර ප්‍රබලයොයි, තවත් කිහිප දෙනකුයි බාල්දි පෙරළන නිසා මේ පාර ගමේ ඡන්දය ටිකක් අවුල් වෙන හැඩක්ලු‍ තියෙන්නෙ. දුරකථනයේ අයගෙන් බහුතරයක් ගමේ ඡන්ද ඉල්ලන්නෙ එකටලු‍. ඒ ඉල්ලන අය ලොක්කන්ටත් මූණටම කියලලු‍ තියෙන්නෙ. කොහොම වුණත් මේ සිදුවීමත් එක්ක දෙගොල්ල එකතු වෙනවට කැමති ලොකු පුටුවල ඉන්න කිහිප දෙනකුත් කෙළින්ම අලියා එක්ක දීග කන්න සූදානමින්ලු‍ ඉන්නෙ.

දැන් වැඩේ ප්ලෑන් කරලා තියෙන්නෙ මෙහෙමලු‍. ගමේ ඡන්දය දින්නට පස්සෙ එකතුවෙලා ගමේ ආණ්ඩු හදලා ඊට පස්සෙ ගම මෙහෙයවද්දී උඩ අයට පීඩනයක් දෙන්නලු‍ යන්නෙ දැන්වත් එකතු වෙයල්ලා කියලා. එහෙම එකතුවෙලා ගමේ සභාවල යෝජනාවක් ගෙනත් සම්මත කරන්නලු‍ යන්නෙ දෙගොල්ලොම එකතු වෙන්න කියලා. එහෙම ඒකත් හරි නොගියොත් ගොඩක් අය අලියට මාරු වෙන්නලු‍ අදහස.

දැන් කොහොම වුණත් රහසිගත ප්ලෑන් එක ගමේ ඡන්දය වෙන වෙනම ඉල්ලු‍වත් එකට ඉල්ලු‍වත් ඇතුළේ එකතුවෙලා වැඩ කරන්නලු‍.