මෙරට හිටපු ප්‍රධාන පෙළේ අමාත්‍යංශ ලේකම් කෙනෙක් වගේම අග්‍රාමාත්‍ය ලේකම් ධුරයද කලක් දැරූ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් ඉන්නව...
උන්නැහේට පසුගිය කාලෙ තිබුණ අපල උපද්‍රව නිසා එයා අපේ රට ආසන්නයේ තිබෙන ප්‍රබල විදේශ රටක ප්රවීණතම දෛවඥයන් පිරිසක් හමුවෙලා තමන්ට බලපාන ග්‍රහ දොස් සමනයට උපදෙස් පැතුවලු.
ඒ ගමන මේ දෛවඥයන් ඔහුගේ කේන්ද්‍ර පිටපත පරීක්ෂා කරල ඊළඟට ඔවුන්ගේ සම්ප්‍රදායික ක්‍රමයට අඳුනක් මගින් සත්‍ය සොයාගන්න උත්සහ කළාලු. ඉතින් මේ අඳුන් බැලිල්ලෙන් පස්සෙ දෛවඥයො දැනගත්ත දේ මේ ප්‍රබල ලේකම්වරයාට දැන්නුව. “ඔබතුමාට ප්‍රබල හූනියමක් කරල තිබෙනව. කොඩිවින කියන්නෙ... අන්න ඒ ජාතියෙ එකක්...”
ඊළඟට ලේකම්වරයා ඇහුවෙ කවුද අප්පෙ මට ඔහොම දෙයක් කළේ කියලලු. ඊළඟට දෛවඥයන් බොහොම රහසින් අදාළ තැනැත්තගෙ නම කිව්ව. ඒ නම ඇහුවම ලේකම් තැන පුදුම වුණාලු. කාගෙද දන්නවද ඒ නම? පසුගිය කාලෙ මේ රට පාලනය කරපු එක්තරා රාජ්‍ය නායකයකුගෙ බවයි කියල තියෙන්නෙ. අපට ඒ නම සඳහන් කරන්න නම් අමාරුයි.