පොලෝසියේ උඩම කෙනා අල්ලන්න කියලා නියෝගයක් ලැබුණට එයාව වෙලාවට අල්ලගන්න පොලිසියට බැරි වුණානෙ. අන්තිමට එයා ඉන්න තැනක්වත් හොයාගන්න පොලිසියට බැරි වුණා. කොහොම වුණත් එයා අල්ලගන්න බැරි වුණාට වඩා එයාව ඇල්ලුවේ නෑ කියලා දේශපාලනය ඇතුළේ කතාවක් ගියා.
ඒ කතාවේ හැටියට එයා හිටියේ ආරක්ෂිත තැනක. ඒ ආරක්ෂිත තැන ඉඳලා දැන් දේශපාලනයේ නොවන කෙනෙක් එක්ක එයාව බේරගන්න සහ බාරවෙන්න වැඩසටහනක් හදලා. ඒ වගේම නීතිඥ සහයත් අරන්. සමහර ලොකු ලොකු නීති දන්න අය දැන් දේශපාලනය නොවන කෙනාගේ ගෙදරට ගිය හැටිත් දැකලා. ඒත් ඉතින් එයත් දේශපාලනයේ හිටිය කාලේ නීතිය ගැන දන්න නිසා පොලෝසියේ ලොකුම කෙනා බේරගන්න නීතිය නැව්වද කියල සැකයක් ඇවිල්ලලු. ඒත් ඒක දැනගෙන ලොකු ලොක්කන්ට ඉන්න වෙලාලු තියෙන්නෙ.