පොහොට්ටුවේ ඌව පළාතේ මහා වාග් හරඹ කර කර හිටිය හාදයෙක් එකපාරට අතුරුදන් වුණාලු. දැන් එයාගේ කට කැඩෙන කතා ඇහෙන්නෙ නෑලු. වගකීම් ගොඩක් දැරුව එයා එකපාර අතුරුදන් වුණේ ඇයි කියලා හොයද්දිලු දැනගත්තෙ එයා දැන් ගොඩක් ගමේ ඉන්නෙ කියලා.
එයා ගමේ ඉඳලා ගොවිතැන් කරනවලු. කුඹුරු හාලා ලොකු වැඩ ටිකක් කරනවලු. එයාගේ ව්‍යාපාර කඩා වැටෙන්න පටන් ගත්ත නිසා මෙයා දැන් ඒවා බලාගෙන ඉන්නවලු. දැන් මෙයා ජීවිතේම කැප කරන්නෙ තමන්ගේ වැඩවලටලු. කට්ටිය එක්ක කතා කරද්දි නම් එයා කිව්වෙ ඇත්තටම ටිකක් දේශපාලනය ගැන කලකිරිලා ඉන්නෙ කියලලු.