වතුකරේ එක්තරා පාටියක ලොක්කෙකුට ආණ්ඩුවෙ පට්ටමක් නොලැබෙන්නෙ තමන් වැඩ කරන කන්තෝරුවෙ තියන වාස්තු දෝෂයක් නිසාය කියල ප්‍රබල ජ්‍යොතිෂ උපදෙසක් හම්බුවෙලා... ඒක නිවැරදි නොකර තනතුරක් ගන්නව බොරු කියලත් අනාවැකිය කිව්ව දෛවඥය කියලා...
කලක් ඇමැති මට්ටමෙන් වැජඹුණු මේ පක්ෂ නායකය දැන් ඔන්න කන්තෝරුවෙ වාස්තු දෝෂෙ නැති කරන්න හිටු කියල වැඩලු. මුලින්ම දෝෂ භංගවෙන විදියෙ කන්තෝරුවක් අලුතින් හදන්න තීන්දු කොළා... ඒකෙන් වාස්තු දෝෂ නොඑන විදියට සැලැසුම් කරන්න අල්ලපු රටෙන් වාස්තු විද්‍යාඥයො කැඳවන්නත් තීන්දුවක් ගත්ත... ඒ අස්සෙ තව දෝෂ දුරුවෙන ශාන්තිකර්මත් කරනවලු. ඒවත් සේරම කරන්නෙ අල්ලපු රටේ ඇදුරො කියලයි ආරංචි.
තමන්ට තනතුරක් ලබාගන්න වාස්තු දෝෂ පස්සෙ යන වතුකර ලොක්කට මේ වැඩවලට මිලියන් ගණනින් සල්ලිත් වියදම් වෙනව කියලයි ආරංචි... ඒත් උන්නැහේ තමන්ගෙ භාණ්ඩාගාරෙ ටැප් එක ඇරල වියදං කරන්නෙ කොහොම හරි ආණ්ඩුවට සැට් වෙන්නලු.
වාස්තු දෝෂ කෙසේ වෙතත් මෙයා ආණ්ඩුවට එන්න හදන වැඩේට වළ කපන්නෙ තමන්ගෙ පළාතෙම ඉන්න දේසපාලන පොරක් කියල හැමෝම කියනවා.