2025 මාර්තු 15 වන සෙනසුරාදා

තනතුරට පැනගැනීම

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 497

එක්තරා බලවත් ලෝක සංවිධානයකින් ශ්‍රී ලංකාවට අවුරුදු ගණනකට පස්සෙ ලැබෙන ඉහළම තනතුරක් තිබෙනව... ඒ තනතුරට සාමාන්‍යයෙන් යන්නෙ මෙතෙක් ඒ වගේ තනතුරක් දරල නැති ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක්ලු.

ඉතින් මේ පාරත් ඕක ආවම රටේ බලවත්ම අමාත්‍යංශයක ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් තමන්ගෙ අයැදුම්පත තම අමාත්‍යංශ ලේකම් තැනට දුන්නා. ඊටපස්සෙ ලේකම් තැන මේක තියාගෙන ටික දවසක් සද්ද නැතුව හිටියලු. ඉඳල දවසක් හදිස්සියෙම රටේ ඉහළම තනතුරක් දරන ලොකු මහත්තයෙක් හම්බවෙලා “අනේ සර් මේ අර තනතුර පුරප්පාඩු වෙලා තියෙනව. ඒකට අහවලත් ඉල්ලුව. නමුත් මම රටට කරපු සේවය සලකල මට ඒ තනතුර දෙන්න” කියල කිව්වලු.

අනේ ඉතින් ඒ ලොකු මහත්තයත් මෙයාට තනතුර ගන්න නිර්දේශය දුන්නා. නමුත් මෙතන අසාධාරණය ඊට කලින් මෙයා ඔය වගේ ඉහළම ජාත්‍යන්තර තනතුරක් දරල ඒකෙන් දැනටත් මාසිකව ප්‍රතිලාභයක් ලබා ගැනීමලු. කොහොම හරි උන්නැහේ දැන් ඒ වැඩේට පැනගන්න බවයි ආරංචි. ඒකට යන්න ඉල්ලපු ජ්‍යෙෂ්ඨ නිලධාරියා දැන් බොහොම දුක් මුසුව ඉන්න බව කියැවෙනව.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00