දුරකථන පාටියේ ප්‍රශ්න එන්න එන්න වැඩි වෙලාලු. ඒකට හේතුව බලවත් අයගෙ අතේ තියෙන හැඳි කීපයක් නිසාලු. ඒ ඒ හැන්ද අනුව සමහර සංවිධායක මහත්තුරුන්ට වැටෙන ප්‍රමාණ එක එක සයිස්ලු. සමහර අයට හැන්දත් නෑලු.
කොහොම වුණත් පළාත් පාලන සටනෙදි මේ හැඳි වැඩෙන් දැන් ගොඩක් කට්ටිය කලකිරිලා. සමහර අය තමන්ගෙ ආසනවලට යන්නත් අකමැතියිලු. ආරාධනා පිට ආරාධනා ලැබුණත් එහෙම නොයන නිසා ගොඩක් සංවිධායක මහත්වරු පක්ෂයේ ජාතික සංවිධායක මහත්තයා අමතලා දුක කියනවලු. ආයේ ඡන්දවලට අපි නෑ කියනවලු. ආයේ පක්ෂය එක්කත් නෑ කියනවලු. සමහර දවස්වලට ලොක්කගේ ළඟින්ම ඉඳලා දුක අහන්න හිටිය අයත් දැන් දුරකථන වසා දාලලු.