කොළඹ දිස්තිරික්කෙන් පත්වුණ අලි පාටියෙ ඉන්න නියෝජ්‍ය ඇමැති සයිස් මහත්තයෙක් තමන්ගෙ පාටියෙම ඇමැති කෙනෙක් හම්බුවෙන්න පසුගියදා උන්නැහේගෙ අමාත්‍යංශයට ගියා.
මේ කට සැර නියෝජ්‍ය ඇමැතිතුමා ඔය ඇමැතිතුමා පක්ෂයෙ ඉහළ තැනකට ගේන්න කලකට පෙර තදින් සටන් කරපු කෙනෙක් කිව්වොත් වරදක් නැහැ... ඒ නිසා නියෝජ්‍ය ඇමැති තැනට ලැබෙන්න තිබුණ සමහර දේවලුත් නැතිවුණ කියලයි උන්නැහේ කියන්නෙ...
ඈත පළාතක් නියෝජනය කරන පක්ෂයේ ලොකු පට්ටමකුත් තියන බොහෝම ප්‍රේමණීය ඇමැතිතුමාගෙ කන්තෝරුවට ගියාම ඇමැති කාර්ය මණ්ඩලේ කස්ටිය කිව්ව ටිකක් වාඩිවෙලා ඉන්න කියල... ඒත් පැය භාගයක් කිට්ටුව වාඩිවෙලා හිටපු උප ඇමැති සිංහ තුමාට ඇමැතිගෙන් කැඳවීමක් ලැබුණෙ නැතිලු. ඇතුළෙන් ලැබුණ පණිවුඩේකින් කිව්වෙ ඇමැතිතුමා බිසී කියලලු.
අන්තිමේදි තව ටිකක් වෙලා බලන් ඉඳපු උප ඇමැතිතුමා එකපාරටම ඇමැති කාමරේ දොර ඇරගෙන කේන්ති පිටම ඇතුළට ගිහිල්ලා... ඇමැති තැනට තමන් ආවෙ මෙන්න මේ වගේ වැඩකට... ඒක අනුන්ගෙ වැඩක් නෙවේ මගේ වැඩක් කියලත් කීවලු...
ඒ කතාව අහන් ඉඳපු ඇමැති තැන ඔය වැඩේ කරන්න නම් මට වාර්තාවක් කැඳවන්න වේවි එහෙම නැතුව නම් ඕක කරන්න බැහැ... කියල උත්තර දීපි. මේක අනුන්ගෙ වැඩක් නෙවේ මගේ වැඩක්... ඒ නිසා මට මේකට උදව් කරන්න... නියෝජ්‍ය ඇමැති ආයිම කිව්ව. ඒත් ඇමැතිතුමා තමන්ගෙ අදහස වෙනස් කළේ නැහැ.
කාලයක් තමන්ලා පක්ෂයෙ උඩ තැනකට ගේන්න හදපු මුන්නැහේගෙ මේ උත්තරේ නිසා සැරට කේන්ති ගන්න උප ඇමැති තමන්ගෙ අතේ තිබුණ ලිපිගොනුව පොළොවෙ ගැහුවලු...
බොහොම සැර වචන සැට් එකකින් ඇමැතිට සංග්‍රහ කළාලු. ඊට පස්සෙ දොර ඇරගෙන යන්න ගියා. ගිහිල්ල මේ කතාව දන්න කියන හැමෝටම කිව්වා.