දුරකථන පාටියේ ලොකු අයගෙ වැඩ කිහිපයක් නිසා ලොකු ලොක්කෝ කිහිප දෙනෙක් පක්ෂයෙන් ඈත්වෙන්න තීරණය කරලලු.
ඒකට හේතුව ලොකු තැන මෑතක ගත්ත තීරණ කිහිපයක් සම්බන්ධයෙන් පක්ෂයේ ලොකුම තනතුරු කිහිපයක් දන්නෙ නැති එකලු. ඒ නිසා ඇතැම් ජ්‍යෙෂ්ඨ අය ඒ තනතුරු පූජා කරලා දේශපාලනයට ටිකක් ආයුබෝවන් කියන්නලු යන්නෙ.
ඉස්සෙල්ලම පක්ෂයේ සභාපති ගියා, ඉස්සරහට තව දෙන්නෙක් යන්නලු හදන්නෙ. ඒ අතර සංවිධායකවරු කිහිප දෙනෙකුත් ඉන්නවලු. මේ අය අයින්වෙලා ආයේ කොහෙවත් යන්නේ නෑලු. ගෙදරම ඉන්නලු හදන්නෙ.