2017 ජුලි 08 වන සෙනසුරාදා

පව් සමාකර ගැනීම

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 330

පහුගිය දවස මහා සංඝරත්නය ගැන සැරට කතාකරපු ඇමැති සයිස් මහත්තයෙක් පහුගියදා හොරෙන්ම අස්ගිරි විහාරෙට ගියාලු...

උඩරටින් ආපු මුන්නැහේ කලින් වතාවක කට නිසා හොඳ පාඩම් ඉගෙනගත්ත කෙනෙක්... එකපාරක් එයා ආණ්ඩුවෙ බෝඩිමෙත් තැප්පෙ කටවරද්ද ගෙනයි... ඉතින් මේ පාර මහා සංඝරත්නය එක්ක වාද විවාදවලට යාම නිසා උන්වහන්සේලාත් මෙයා ගැන සැරට කතාකරල තිබුණා. ඒ අතරේ තමන්ගෙ කිට්ටුවන්ත අය කිව්ව මේ වැඩේනම් හොඳ දෙයක් නොවේ. ඒ නිසා වහාම ගිහිල්ල හාමුදුරැවරැන් මුණගැහිල පව් සමාකරගන්න කියල...

ඒ අනුව කව්රුත් නැති වෙලාවක් බලල හොරෙන්ම අස්ගිරියට ගිය උන්නැහේ මහා සඟරුවනේ දෙපා නැමදල සමාව ගත්තලු. ඒ වෙලාවෙ උන්නාසේට සැර බණ දේශනාවකට සවන් දෙන්න සිද්ධවුණා කියලත් ආරංචියි... 

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00