2017 ජුලි 22 වන සෙනසුරාදා

2020 ලෑස්ති වෙන්නලු

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 368

රටේ ලොකු මහත්තය පසුගියදාක නෙළුම් පොකුණෙදි තමන්ගෙ කන්තෝරුවෙ කාරිය මණ්ඩලේට කතා කොළාලු... උන්නැහේ එතෙන්දි හුඟක් දේවල් කිව්ව කියලත් ආරංචියි... එතනදි එතුමා කළ වැදගත්ම ප්‍රකාශය තමයි මේ කාර්ය මණ්ඩලේ අයට දෙදාස් විස්සට ලෑස්තිවෙන්න කියල කරපු ප්‍රකාශය...

ඒකෙන් අදහස් කළේ 2020 ජනාධිපතිවරණය ගැනයි කියල සමහරැ අර්ථකථනය කළාට සෘජුවම එහෙම කතාවක් කියැවිලත් නැතිලු...

කොහොම නමුත් සියලු දෙනා උන්නැහේගෙ කතාවෙන් පස්සෙ කසුකුසු ගෑවෙ 2020ට සූදානම් වෙන්න කීමේ තේරුම වටහාගන්නලු...

විධායක ක්‍රමේ අයින් කරන්න ආපු ආණ්ඩුවෙ ව්‍යවස්ථා සංශෝධන වැඩෙත් තරමක් අවුල් වේගෙන යන නිසා 2020 ආයෙමත් ජනපති සටනක් එන්න පුළුවන් කියලයි තතුදත් අය කියන්නෙ.