අලුත් ව්‍යවස්ථාවෙන් රටට උප ජනාධිපතිකම් තුනක් ඇතිකරන්න ඕනය කියල සමහරු යෝජනා කරනවලු. මෙහෙම ඇති කරන්න යන උප පට්ටම් ඒ ඒ ජාතීන් අනුව පත්කරන්න ඕනය කියලත් යෝජනා කරල...
මේ යෝජනාව තවම තියෙන්නේ සාකච්ඡා මට්ටමේ. ඒත් ආණ්ඩුවෙ ඇමැති පට්ටමකට වග කියන එක්තරා සුළු ජාතික පක්ෂයක නායකයෙක් මෙයින් එන පට්ටමක් ලැබෙන්නෙ තමන්ටය කියලා ප්‍රචාරය කරන්න පටන් අරන්ලු.
මේක දැන් සමහර ව්‍යාපාරිකයන්ටත් කියලා කියලා ආරංචියි.
කොළඹ දිසාවෙන් පත්වුණ මුන්නැහේගෙ කතාව විස්වාසෙට ගත්තු සමහරු එයාට පට්ටම ලැබෙනකන් බලා ඉන්නවා කියලත් සමහරු කියනව