පුටු පාටියෙ ටිකක් කට සැර ඇමැතිතුමෙක් තමන්ගෙ ආසනේ එකතරා ගම්මානයක දුප්පත් ගොවීන්ට වතුර මෝටර් බෙදා දුන්නා...
මේ තෑග්ග ගැන සතුටුවුණ ගමේ ගොවීන් ඇමැතිතුමාට ස්තූති කරලා මෝටර් අරගෙන ගියේ තමන්ගෙ ගොවිපොළවලටයි...
ඉතින් ඔහොම මෝටර් බෙදා දීලා දවස් ගණනකට පස්සෙ ලොරියකුත් අරන් ගමට ආපු ඇමැතිතුමා තමන්ගෙන් මෝටර් ලබා ගත්ත අයට මෝටරෙත් අරන් තමන් හමුවට එන්න කීවලු... එහෙම ආපු ගොවීන්ට ඇමැතිතුමා කතාවක් කළා. කතාවක් කරල එක පාරටම දොස් කියන්න පටන් ගත්තා...
පසුගිය මැයි දිනේට යන්න මම මේ ගමට බස් එකක් එව්ව. ඒත් ඒකට කවුරුවත්ම ඇවිල්ලා නැහැ. ඒක මම ඊයෙයි දැනගත්තෙ. පක්ෂයේ වැඩකදි එහෙම වැඩකරන අයට වතුර මෝටර් දීලා උදව් කරන්න ඕන නැහැ. ඒ නිසා මම තීන්දු කළා මේව අපට උදව් කරන මිනිස්සු ඉන්න ගමකට දෙන්න... හ්ම්... දැන් හැමෝම තමන්ට දුන්න වතුර මෝටරේ අපට දීල යන්න පුළුවන්... කියල ඇමැතිතුමා ආපු සෙනඟට කිව්වා...
ඒ පාර වතුර මෝටර් තෑගි ලබපු අය ආපහු තමන්ගෙ තෑග්ග ඇමැතිතුමාටම දීල අපට වෙච්ච දේක හැටි කිය කිය යන්න ගියාලු...