2017 ජුලි 29 වන සෙනසුරාදා

පළාත් සභා අද නොවේ හෙට

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 257

මැතිවරණ කොමිසං කස්ටිය ළඟ ළඟ එන පළාත් සභා ඡන්දෙ තිතට වෙලාවට තියනවය කියලා පසුගියදා දින වකවානු පවා කියනව අපි අහගෙන හිටියා...

ඒත් ආණ්ඩුවෙ බලවතුන්  තවමත් පළා බබා ඡන්දෙට විතරක් නොවේ පුංචි ඡන්දෙටත් සූදානමක් නැතිලු... අර පුංචි ඡන්දෙ වගේ මේකත් ලබන අවුරුද්දට තල්ලු කරගන්න පොඩි උපාය මාර්ගයක් දියත් කරලය කියල ආරංචියි. රටේම පළාත් ඡන්ද එක දවසක තැබීම, කාන්තා නියෝජනය වැඩිකිරීම. මේ ඡන්දෙටත් කොට්ඨාස ක්‍රමය හඳුන්වාදීම වගේ ලස්සන හේතු කාරණා ගණනාවක් ඉස්සරහට දාල අනතුරුදායක ඡන්ද සේරම කල්දාගන්න හදනවය කියල තිරය පිටිපස්සෙ එන කතාවයි. 

මේ කල්දැමිල්ල රටේ බලවතුන්ගෙ කටයුත්තක් නොවේ ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් සංවිධාන කස්ටියගෙ වැඩක් හැටියට කරළියට ගේන්න දැන් සාකච්ඡාවල් පවා පටන් අරන්ලු... ඒවට නායකත්වය දෙන්නෙ ආණුඩුවෙ ඇමැති මට්ටමේ පස් දෙනෙක්ලු. එයින් දෙන්නෙක් අලි පාටියෙන් කියනව. ඉතුරැ තුන්දෙනා පුටු පාටියෙන් බවයි ආරංචි... ඉතින් දැන් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දය තියන්න යන බව රටට කියමින් පළා බබා ඡන්දෙන් පුංචි ඡන්දය වගේම බාලගිරි දෝසෙට ලක් කරන්නට කස්ටිය සැට්වෙන්නෙ කියල තතු දත් අය කියනවා.

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00