2017 ජුලි 29 වන සෙනසුරාදා

සද්දෙ වහපු ලොක්කො තුන්දෙනා

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 518

දැන් හැමතැනම කතාව 18 කල්ලිය ගැනයි. ඒ කල්ලියෙන් යන්නෙ කව්ද ඉන්නෙ කව්ද කියලා පුටු පාටියෙ ලොකු මහත්තුරැ සොයන්න පටන් අරන්...

ඒ අතරෙ යන්න හදන අයගෙ දුක නිවන්න එයාලගෙ ප්‍රශ්න ගැන කතාකරන්න අමරවීරතුමා නිතර නිතර කමන්ගෙ ගෙදර රාත්‍රි භෝජන සංග්‍රහ තියනව කියලත් ආරංචියි... එක දවසකට ඒවට ආරාධනා කරන්නෙ දෙතුන් දෙනාටලු...

ඉතින් කොහොමහරි අමරවීර උන්නැහැලයි උත්සාහෙ තාම හරිගියේ නැතිලු ගාල්ලේ “මුතු” අයිය යන්නම් වැට උඩට නග්ගන්න පුළුවන් වුණා කියලා ආරංචියි.

ඒ වුණත් මේ කණ්ඩායමේ ඉන්න ප්‍රබලම ඇමැති සයිස් තුන්දෙනෙක් තමන්ගෙ ප්‍රතිචාරෙ වෙනස් කරන්නෙ නැතිලු. මෙයින් දෙන්නෙක්ම හිටපු මහලේකම් මට්ටමේ අය එක්කෙනෙක් වයඹ පැත්තෙන් ආපු ප්‍රියදර්ශනයක් ඇති කෙනෙක් අනෙක් එක්කෙනා කොළඹ පැත්තෙන් ආපු ප්‍රේමනීය චරිතයක්. ඊළඟ එක්කෙනා මිනිපුරේ ලොක්කෙක්...

මේ තුන්දෙනාම තීන්දුවක් අරන්ලු... හැබැයි ඒ තීන්දුව ප්‍රකාශකරන්නෙ සැප්තැම්බර් 21න් පස්සෙ කියලයි තතුදත් ආරංචි මාර්ග කියන්නෙ...