මේ දවස්වල දෛවඥයන්ට හරි හරියට වැඩලු... මේ රටේ දේශපාලන අනාවැකි කියන දෛවඥයො දෙතුන් දෙනෙක් ළඟට මැති ඇමැති කස්ටිය හිටු කියලා යන්න පටන් අරන් කියලා කියවෙනවා...
මෙයින් එක් නායක කෙනෙක් නම් පසුගිය දවසක ප්‍රසිද්ධියෙම කියල තිබුණා ආණ්ඩුවෙන් යන්න කලින් හඳහන බලාගන්න ඇරිය කියලා... ඒ ඇර වයඹින්ම ආපු තවත් කෙනෙකුත් කොළඹ පැත්තෙ ඇමැති සයිස් මහත්තයෙකුත් මේ විදියට දෛවඥයො හමුවෙන්න ගිහිල්ලය කියනවා.
මේ අය හම්බුවෙන්න යන දෛවඥයො ඉන්නෙත් කොළඹ කිට්ටුවලු... සමහරු පරණ රාජකීය දෛවඥයකුත් හොයාගෙන යන බව ආරංචියි.
මේ හුඟ දෙනෙක් අහන්නෙ මාරුවක් වෙනවනම් ඊට සුබ කාලෙලු... එක්කෙනෙක් ආණ්ඩුව හැදූ වෙලාවෙ හැටියට දැන් ග්‍රහයො මේ විදියට ආණ්ඩුවට සලකන්නෙ ඇයි කියලත් අහලා...
කොහොමහරි එක්කෙනෙක් දෙන්නෙක් ලොකු පුටුවක වෙනසක් වේද කියල කොළඹ ඉන්න මාධ්‍යයෙත් පෙනී සිටින බොහෝම ප්‍රකට අනාවැකි කරුවෙකුගෙන් ප්‍රශ්න කරල ඒ ගැන විග්‍රහය අගෝස්තු මැද වෙනකොට කරන්නම් කියල දෛවඥය උන්නැහේලට දැන්නුවලු.