ඉදිරි ඡන්දෙකදි ඒකාබද්දෙන් ඉස්සරහට එන ජනාධිපති අපේක්ෂකය කවුද කියන එක දැන් ලොකු මාතෘකාවක් වෙලා...
මේ ගැන අලුතෙන්ම නම කියවෙන්නෙ ඒකාබද්දෙ ලොකු පුටුවකට බරවෙලා ඉන්න පරණ පක්ෂයක නායකයෙක්ගෙලු...
අනෙක් අය තමන්ගෙ නම කියන එක ගැන උන්නැහෙත් හරි සතුටින්ලු ඉන්නෙ. සමහර පූජ්‍ය පක්ෂයෙ උදවියත් උන්නැහේගෙන් අපේක්ෂකත්වය ගැන ඇහුවා කියලා ආරංචියි.
ඒත් ඒකාබද්දෙ සමහරු කියන්නෙ මේක මුට්ටිය දමල බැලිල්ලක් කියලයි. නැත්නම් පොඩි නාට්‍ය ජවනිකාවක් විතරයි කියලලු...
සැබෑ අපේක්ෂකයා තවමත් ඉන්නෙ තිරය පිටුපසලු... ඉතින් එහෙම කියාගෙන පක්ෂයෙ ගුණවර්ධනය කරන්න දායක වුණ වෙනත් කෙනෙක්ගෙ නම ඉස්සරහට දාන්නෙ හේතු ඇතුව කියල ඒ පැත්තෙ ආරංචි මාර්ග කියනව... ඒ හේතු දන්නෙ හිටපු ලොකු තැනයි තවත් දෙතුන් දෙනෙකුයි විතරලු.