විශ්වාසභංග කතාවට ඈඳුණු ඇමති සයිස් මහත්තුරු දෙන්නෙක් ආණ්ඩුවේ ඉන්නවා කියනවා...
ඒත් ඒ ඇමැති දෙන්නගෙන් එක්කෙනෙක්නම් කිසිම දෙයක් ගණන් ගන්නෙ නැතුව තමන් මුලින් දැරූ මතයෙම ඉන්නවලු. එයාට අලි පාටියෙ කස්ටිය හැර අනෙක් පාටිවලින් ෆුල් සපෝට් එකකුත් හම්බුවෙන නිසා නිර්භයව ඉන්න බවයි පේන්න තියෙන්නෙ...
එහෙම වුණත් ඇතිවෙලා තියෙන අවුල් තත්ත්වයෙන් උන්නැහේට අපල උපදුවයක් වේද කියල දැනගන්න පවුලෙ අය උනන්දුයිලු...
ඒ නිසා පවුලෙ අය පසුගියදාක රජරට පැත්තෙ රාජපාක්ෂික දෛවඥ මාතාවක් මුණගැහෙන්න ගියාලු... ගිහිල්ල මෙතුමාගේ දෛවය ගැන විමසුවා කියලා ආරංචියි...
මේ හමුවේදී දැනගන්න ලැබුණ අනාවැකිය යහපත් නිසා දැන් එයාල කරන්න ගිය කටයුතු ඒ විදිහටම කරනවා කියලා කරුණු දන්න අය කියනවා.
හිටපු ලොකු තැන වුණත් ප්‍රසිද්ධියෙම මෙයාට උදව් කළයුතුයි කියන නිසා ඇමැතිතුමාත් කකුල පස්සට ගන්න පාටක් පේන්න නැතිලු...