පසුගියදාක හිටපු ලොකු තැන හම්බුවෙන්න කේතලෙන් මල්ලක් ගෙනාපු පළාතෙ හාමුදුරු නමක් වැඩම කළා...
උන්වහන්සේ ජ්‍යෙතිෂ්‍ය විශාරදවරයෙක් වගේම උඩරට ඉතිහාසෙ ගැන බොහෝ තතු දත් හිමිනමක්. හිටපු ලොකු තැන එක්ක උන්වහන්සේ කරපු සාකච්ඡාවේදී අප රටේ ඉතිහාසෙට සම්බන්ධ කරලා ප්‍රබල ජ්‍යෙතිෂ්‍ය අනාවැකි ගණනාවක් ප්‍රකාශ කළා කියලා ආරංචියි.
“මේ තිබෙන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ යුගය වගේ කාලයක්... හැමතැනම අවුල්... ලබන 20 දායින් පස්සේ මේ අවුල් තව තවත් වැඩි වෙනවා මිසක් අඩු ෙවන්නේ නැහැ... මම මේ කතා කරන්නේ ජ්‍යෙතිෂ්‍ය බලලයි... දේශපාලනේ බලලා නෙවෙයි... මහා සංඝරත්නයටත් ඉස්සරහට දුෂ්කර කාලයක් උදාවෙනවා... රාජසිංහ කාලෙ රාජකාරි ක්‍රමේට හාමුදුරැවන්ටත් වැඩ පැවරුණා...” කියල හාමුදුරුවො හිටපු ලොකු තැනට ප්‍රබල වගේම බරපතළ ජ්‍යොතිෂ්‍ය අනාවැකි ගණනාවක්ම කිව්වලු... සමහර තොරතුරැ නම් ගම් එක්කම කියවුණත් අපට ඒ ගැන දැනගන්න නැහැ.