මන්දිර බද්දට අහුවෙන්න පුළුවන් සුපිරි මන්දිරයක් උඩරට පළාතෙ නගරෙක හැදෙනවලු...
මේ මන්දිරය හැදෙන්නෙ අතීතයේ හේවායෝ හැටදහසක් හිටියය කියන නගරක් කිට්ටුව සුන්දර පරිසරයකලු...
ඉතින් හැමෝම මේ මන්දිරේ සුපිරි බව නිසාම ඒ වගේ සුපිරි වැඩක් කරන්න තරම් කෙනා කවුද කියලා බැලුවා.
ඔන්න බොලේ එතකොටයි දැනගන්න ලැබුණෙ ඇමැති සයිස් දේශපාලන භවතෙක් මේ වැඩේ කරනවය කියලා...
ඉතින් මුන්නැහෙට මේ වගේ තවත් මන්දිර දෙකක්ම තියෙනවලු.එකක් උඩරට පළාතෙමයි. අනික තියෙන්නෙ දියවන්නාව කිට්ටුවලු. එච්චර තියෙද්දි මෙයා මේ පාර හදන මන්දිරේ පුත්‍ර රත්නයට පවරන්නලු හිතාගෙන ඉන්නෙ...
කෝටි ගණනක වියදමින් හදන මන්දිරේ තොරතුරු මාධ්‍යකාරයො එහෙම දැනගනීවි කියලා එතෙන්ට ලොකු ආරක්ෂාවකුත් දාලා... කොහොම වුණත් එතුමා හදන මේ ගෙදර වටිනාකම සුපිරි නිසා මුදල් ඇමැතිතුමාගෙ මන්දිර බද්දටනම් යටත් වෙන්න පුළුවන් කියල ඔරොප්පු කස්ටිය කියනවා.. ඒ වුණාට ඔය මොන මොනව කිව්වත් උන්නැහේට ඒව ගණනක් නෑ... අප්පා.