ආණ්ඩුවේ ලොකුම කන්තෝරුවක සේවය කරපු කා. කා. ස නැත්නම් පියුම් මහත්තුරු හත් අට දෙනෙක් එකපාරටම ස්ථාන මාරු කරලා...
ඒත් ඒක කරලා තියෙන්නෙ ඒ කන්තෝරුව විතරක් නෙවේ. මුළු රටේම රාජ්ය සේවයේ ඉහළම පට්ටමක් දරන ලේකම් සයිස් මහත්තයෙක්ලු. තමන් ලොකු වරදක් කළා වගේ එක පාරටම මාරු කළාම මේ සේවකයෝ මාරැවට හේතුව ගැන ඉහළ තැන්වලින් විමසලා බැලුවෙ ඊට පස්සෙලු...
අන්තිමේදී රටේ මහ කන්තෝරුවේ එක්තරා ඉහළ නිලමෙ කෙනෙක් හේතුව හොයාගෙන. මොකද්ද මේ මාරුවට හේතුව. ඒ කන්තෝරුවෙ “මදුරුවෝ” කිහිප දෙනෙක් සිටීමලු... මේ විදිහට කන්තෝරුවට මදුරැවො ආවෙ සේවකයන්ගෙ වැරැද්දෙන්ය කියල නිගමනේ කරපු ලේකම් තැන පියුම් මහත්තුරු වැඩේට වගකිවයුත්තන් කරලා ප්රශ්නෙ විසඳුවා...
හැබැයි හිටපු පියුම් මහත්තුරු ගිහිල්ල අලුත් පියුම් මහත්තුරු ආවත් තාමත් මදුරුවොනම් ඉන්නවලු. එයාලා ලොකු ලොක්කන් දෂ්ඨ කරනවලු.