පහුගිය කාලේ වෙච්ච අමුතු ඇමැති වෙනසින් පස්සෙ විදේශ කටයුතුවලට ලොතරැයියක් වැටිල තිබුණා...
ඒත් ඒ වැඩේ බාරගත්ත අලුත් ඇමැති තැන තමන්ගෙ කන්තෝරැවෙන් ලොතරැයි විකිණිල්ලට කැමති වුණේ නැහැ. ඒ නිසා ලොතරැයිය ආපසු මුදල් අංශයෙ මංගල තුමාටම පැවරුණා...
ඊළඟට ලොතරැයි කන්තෝරුවලට හිටපු ඇමැති තැන පත් කොරපු ලොකු ලොක්කන්ට යන්න කියල නියෝග නිකුත් වුණා. එහෙම නියෝග නිකුත් වුණාට එයාලා ගියේ නැහැ...
ඊළඟට කරන්න තියෙන්නෙ යන්නෙ නැති අය අස් කරල අලුත් අය පත් කිරීම...
ඔන්න ඊයේ පෙරේදා ඒ ප්‍රශ්නය උද්ගත වුණා කියමුකෝ... ඒත් යන්න කියපු අය යන්නෙ නැත්නම් එයාලා බලෙන් යැවිල්ලෙන් දැන් අයිස් පෙට්ටියට වැටිල ඉන්න “හිරු” උන්නැහේ අප්සෙට් වෙයි කියල කතාවක් ආවලු...
මංගල උන්නැහෙත් ඒ ගැන සංවේදී වෙලා... ඒ පාර අස්කරන්න හිටපු අයට දිගටම ඉන්න වරම් ෙදන්න ගියත් ඉහළ නියෝගයක් නිසා අලුතෙන් අය දාන්න ෙවනවා කියලා අාරංචියි.