2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

කට්ටිය දෙකට බෙදිලලු

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 522

ආණ්ඩුවෙන් යනවය කියපු පුටු පාටියෙ ඇමැති කණ්ඩායම තමන්ගෙ තීන්දුව ගැන දෙකට බෙදිල ඉන්නවය කියල මේ සතියෙ දියවන්නා කවුන්සිල් ලොබියෙ කතා වුණාලු.

මේ කණ්ඩායමේ ඉන්න ජ්‍යෙෂ්ඨ ඇමැති සයිස් මහත්තුරු තුන් දෙනාගෙන් දෙන්නෙක් තදින්ම කියන්නෙ මේ මාසෙන් පස්සෙ අපට සම්මුති ආණ්ඩුවෙ ඉන්නම බැහැ කියලයි. මෙයින් එක්කෙනෙක් රත්නපුරේ පැත්තෙ ජ්‍යෙෂ්ඨයෙක්. අනෙකා කොළඹ පැත්තෙ ප්‍රේමණීය මහත්තයෙක් කියලයි ආරංචි.

මේ දෙන්න මෙහෙම කිව්වට වයඹින් ආපු ප්‍රියදර්ශනයක් තියන ඇමැති සයිස් කෙනෙක් යන්න හිටපු අදහස වෙනස් කරල පුටු පාටියෙ බෙදිලා ඉන්න කණ්ඩායම් දෙක එකතු කරන්න ට්‍රයි කරමු කියල කියන්න පටන් අරන්... එයාලත් එක්ක මේ සටනෙ ඉන්න කනිෂ්ඨ මැති ඇමැති ගොල්ලගෙන් වැඩි ගණනක් කියන්නෙත් ඉක්මනින් නොගියොත් ලොකු අවුලක් වේවි කියලලු...

සමහර මැති ඇමැතිලට ආණ්ඩුවෙන් යන්න කියන බලපෑම තදින්ම ඇවිල්ලා තියෙන්නෙ තම තමන්ගෙ නෝන මහත්තයල දරුවන් වගේ අයගෙන් කියලා තතු දත් අය කියනවා.

මේ කඹ ඇදිල්ල දැන් ඒ කණ්ඩායමේ උග්‍ර ප්‍රශ්නයක් වෙලා කියලත් කතා කරනවා ඇහුණා. ඒ අල්ල පනල්ලෙ මේ මාසෙ 20 න් පස්සෙ වෙන දෙයක් වෙද්දෙන් කියලා යන්න හදන කස්ටියක් හොර රහසෙම තමන්ගෙ ගමන සැලසුම් කරමින් ඉන්නවා කියලා ආරංචියි.

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00