ආණ්ඩුවෙ ඇමැති සයිස් මහත්තයෙක් මේ දවස්වල හරි දුකෙන් ඉන්නවා කියලා ආරංචියි...
ඒකට හේතුව රටේ ලොකු මහත්තයා උන්නැහේව ගණන් ගන්නෙ නැති එකලු. අඩුම ගණනෙ ටෙලිෆෝන් කළාම ෆෝන් එකට එන්නෙත් ඉතාම කලාතුරකින් කියලයි ඇමැති තැනගෙ පැත්තෙ අය කියන්නෙ... බොහොම කාලයක් ඉහළ තැන් එක්ක කිරිපැණි වගේ හිටපු මේ ඇමැති තැන හිටපු ලොකු තැනගෙ ආණ්ඩුවෙත් ඉහළට සම්බන්ධ වෙලා නොයෙක් නොයෙක් දේ කරල අන්තිමේදි මේ පැත්තට සැට් වුණා.
උන්නැහේගෙ තාත්තත් මේ රටේ නම් දැරූ හොඳ නීතිකාරයා. මෙයා නීතිය දැනගත්තත් ලොකු මහත්තය දැන් දැන් හොඳ මුහුණ පෙන්නන්නෙ නැත්තෙ මැලේසියානු බිස්නස් ව්‍යාපෘතියක ප්‍රශ්නයක් පත්තුවෙලා කියලා සමහරු කියනව. ගිය ආණ්ඩුව කාලෙත් මෙයාට මේ වගේම කතා හැදිලා තිබුණා...
ඉතින් කොහොම හරි ඉදිරි පළාත් ඡන්ද ගැන කතා කරගන්න කියලත් මෙයා ලොකු මහත්තය හම්බුවෙන්න බැලුවලු. ඒත් වැඩේ හරි ගිහින් නැහැ. අන්තිමේ දැන් එයා තමන්ගෙ දුක දෙවියන්ටවත් කියන්න මැදපෙරදිග පැත්තට යන්නලු හදන්නෙ.