2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

දමනය කළ හැටි

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 477

පළාත් සභා ඡන්ද පස්සට අදින සංශෝධනේ දවසේ දියවන්නාවෙ හැමතැනම තිබුණෙ උණුසුම...

සමහර පොඩි පක්ෂවල අය මේ උණුසුමෙන් තැටිය රත්කරගන්න නොයෙක් නොයෙක් උප්පරවැට්ටි යෙදුව කියලත් ආරංචියි... මන්තිරි පස් හය දෙනෙක් ඉන්න පුත්තලං වැඩවලට නම් දැරූ ටයි කෝට්ධාරි එක්තරා ඇමැති සයිස් භවතෙක් අන්තිම මොහොතේ තමන්ගෙ මන්ත්‍රී ඡන්ද ටික තියාගෙන ලොකු කේවෙල් කිරිල්ලක් පටන් අරන්... ඒක හුඟක් දුරදිග ගිහිල්ල උන්නැහේ ඡන්ද මුදලාලි කෙනෙක් වෙන්න ට්‍රයි කළාලු...

මේක දිහා සෑහෙන වේලාවක් බලන් හිටපු කිසිදා පරාජිත නොවන ඇමැතිතුමා කේවල් කාරයො පැත්තකට කතා කරල ලුණු ඇඹුල් ඇතුව දෙකක් කිව්වාලු. සැර වැර බසින් එයා කරපු දේවල්, කරන්න යන දේවල් හා ජරමර කතා ගොඩාක් කියලා.

දෙයියොයි යක්කුයි පෙරේතයොයි සේරොම මතක් කරලා අහසට පයින් ගහන්න හදන්න එපා කියලා දරුණු අවවාදයක් දුන්නා කියලත් ආරංචියි.

ඒ වෙලාවෙ කේවෙල් කාරයො සැරෙන්ඩර් වුණා වගේ පෙන්නුව. ඒත් පස්සේ ආණ්ඩුවට එයාල ඡන්ද ටික දුන්නෙ නිකම්ම නෙවෙයි කියලයි තතු දත් අය කියන්නෙ.

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00