2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

පංචායුධට ඔත්තුවක්

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 565

ඔන්න ඊයෙ පෙරේදා දවසක ඒකාබද්දෙ “පංචායුධ” තුමාට කෝල් එකක් ආවා... ඒක දුන්නෙ ආණ්ඩුවෙ ඇමැති සයිස් මහත්තයෙක්ලු. යහපාලන ආණ්ඩුවට මුල්ම වෙඩිමුරය පත්තු කරපු මහ ඇමැතිකම් පොඩි ඇමැතිකම් කරපු උන්නැහේ දැන් ඉන්නෙ හරි කලකිරීමෙන්ලු.

ඉතින් උන්නැහේ සහ “පංචායුධ” අතර සිද්ධ වුණ කතාව පස්සෙ පස්සෙ ටිකක් ප්‍රචාරය වුණා. විසිරී ගිය පළාත් සභාවල මහ ඇමැතිලට සෙසු ඇමැතිලට නැති බලයක් ඡන්දෙ එනතුරු පවරන්න අලුත් නීතිමය ගේමක් අටවන්න යන කතාවක් තමයි මේ කසුකුසුවෙදි කතාබහ වෙලා තියෙන්නෙ...

ඒ ගැන කල්තියා ඉව වැටිල තිබුණ “පංචායුධ” තුමා කරපු විමසීමට පිළිතුරක් හැටියටයි කෝල් එක දීලා ආණ්ඩුවෙ මිතුර, කරුණු පැහැදිලි කළා කියන්නෙ.

මේ විදියට නීතිය නවන්න යාමෙන් සිද්ධවෙන හොඳ නරක ගැන කතාබස් වුණු මේ සංවාදෙන් පස්සෙ ඇත්ත සොයාගන්න “පංචායුධ” දැන් ”දෙඤ්ඤං බැටේ” ව්‍යාපෘතිය මගින් හනුමට අඳින්න ලෑස්ති වෙනව කියල ආරංචියි