වයඹ පැත්තෙන් ආපු බොහොම දයාබර ඇමැතිතුමෙක් පසුගියදාක රජරට පළාතෙ ඉන්න සුප්රකට දෛවඥතුමියක් බලන්න ගියේ හදිස්සියෙන් වගෙයි. ඒත් එයා ගියේ තනිවම නෙවෙයි. හිතවතියකුත් එක්කලු.
ඒ දෛවඥතුමියගෙ නීතිය අනුව ගිය ගමන් මොන ලොක්කකුටවත් එයා හම්බුවෙන්න බැහැ. එයා කතා කරන තුරු ඉන්න ඕනැලු.
ඉතින් ඇමැතිතුමා “අචල” භක්තියෙන් යුතුව මේ හිතවතියත් එක්ක සාත්තර පෝලිමේ හිටිය. ඉතින් එයා ගැන දන්න කියන අය උන්නැහේ පමණක් නෙවෙයි... උන්නැහේ එක්ක හිටපු හිතවතියත් අඳුනා ගත්තලු...
ඊට පස්සෙ මේ ගැන ඒ පළාතෙ දේශපාලනඥයො විතරක් නොවේ උන්නැහේ දන්න කියන අයත් දැනුම්වත් කරන්නත් කස්ටිය වැඩ කරලලු...
ඉතින් පසුගියදාක දියවන්නා කවුන්සිලේ ලොබියෙන් ඇමැතිතුමා ගමන කරන කොට මැති ඇමැති කස්ටියත් මේ රස කතාව කිය කිය ඉඳල. ඒ වෙලාවෙම ඇමැතිතුමත් එතෙන්ට කඩා පාත්වෙච්ච එකට සමහරුන්ට හිනාත් ගිහිල්ල.
ඉතින් මේ අමුතු හිනාව දැකපු ඇමැතිතුමා “එන්නම්” කියල සෙල්ලම් ගමනින් යන්න ගියාලු.