දේසපාලන නියෝග ක්‍රියාත්මක කරන්න ගිහිල්ල රාජ්‍ය සේවාවෙ හිටපු ලොක්කට යන්න වුණේ වැලිකඩ...
ඉතින් මේ කතන්දරෙන් පස්සෙ සමහර අමාත්‍යංශවල ලේකම් සයිස් මහත්තුරු හිතට හයිය අරන් නීතියටම වැඩ කරන්න තීන්දු කරල කියල ආරංචියි.
මේ තීන්දුව නිසා මැති ඇමැති ගොල්ල අපහසුවට පත්වෙලා තියෙන්නෙ එයාලගෙ පටු දේශපාලන වැඩවලට ඇරිලා තිබුණ දොර වැහුණු නිසාලු...
කොහොම හරි පසුගියදාක මේ කතාවට සම්බන්ධ කදිම ජවනිකාවක් එක්තරා අමාත්යංශයකදි රඟ දැක්වුණා...
ආණ්ඩුවෙ ඩිජිටල් දේශපාලන වැඩකට සම්බන්ධ එක්තරා ඇමැති කෙනෙක් තමන්ගෙ ලේකම් තැනට වැඩක් පැවරුවා..
හරී... ම තරුණ ඇමැතිතුමා කරපු මේ ඉල්ලීමට සවන් දුන්න ලේකම් තැන ඇමැතිතුමාගෙන් කළේ මේ වගේ ඉල්ලීමක්.
“සර් දැන් මේ තියන තත්ත්වෙ හැටියට කට වචනෙන් දෙන නියෝග ඉෂ්ඨ කරන්න අමාරුයිනේ. ඒ හන්ද සර් මේක මට ලියුමකින් දෙන්න. තරහ වෙන්න එපා සර්... ඔබතුමා ලියුමකින් නියෝගය දුන්නොත් මම අත්පොතේ හැටියට ඒක හරි නම් ටක්ගාල වැඩේ කරල දෙන්නම්...” බොහෝම ජනප්‍රිය ලේකම් තැන කිව්වලු...
ඒකත් එහෙමද අහපු ඇමැතිතුමා පස්සෙ බලමු කීවා. එහෙම කිව්වට උන්නැහේ ලිඛිත නියෝගයක් නම් දුන්නෙ නැතිලු.