මේ ආණ්ඩුවෙ ඉඳලා පට්ටම ගැලවුණ එක්තරා ලොක්කෙක්ගෙන් වරප්‍රසාද ලබාගත් දියවන්නා කවුන්සිල් යාලුවො කස්ටියකට තමන් ලබාගත්ත දේවල් ගැන වග උත්තර කියන්න වෙයි කියල හීනියට කතාවක් යනවා.
කවුන්සිල් යාලුවො 5 දෙනෙක් විතර වාහනම ලබාගෙන කියලත් ඒවට මුදල් ගෙවූ අන්දම ගැනත් ආණ්ඩුක්‍රම මූල්‍ය විමර්ශන අංශයට තඩි පැමිණිල්ලක් ලැබිලලු.
ඒක විභාග කරන්නත් ඉහළින්ම අණක් ඇවිත් ඉතින් දියවන්නා යාලුවො පස් දෙනාට ළඟදිම ඇෆ්.සී.අයි.ඩී. පැත්තෙ යන්න වේවිලු. කටකාර සැරකාර කතාකාර දියවන්නා යාළුවො කව්ද කියලා එහේ ගියාම කාට කාටත් බලාගන්න පුළුවන් වේවි.