මේ රට ගැන හුඟක් උනන්දු තානාපති කන්තෝරු දෙක තුනක් තියනව. ආසියාවෙ බලවත්ම රටවල් මේ අතරෙ ඉන්නවය කීවොත් වරදක් නැහැ. ඉතින් එයාල අපේ රට එක්ක නොයෙක් ගනුදෙනු බිස්නස් එහෙම කරගන්න ලොකු තරගෙක ඉන්නෙ...
ඒ හින්ද බිස්නස් ලබාගැනීමේ සටනක් ඇතිවෙලා තියනව. ඔය වැඩේ වඩාත් තරගකාරීව කරගන්න ඕන නිසා මේ රටවල් දෙක තුනේ තානාපති අංස තමන් බලාපොරොත්තු වන ව්‍යාපාර භාර මැති ඇමැතිවරුන්ගෙ පවුල්වල අය දිනාගන්න හීන් නූලෙන් සැලැස්මක් දියත් කරලලු. ප්‍රබල ඇමැතිවරුන්ගෙ නෝනල, දරුවො, සමීප ඥාතීන් යාළු කරගෙන ඒ අය මාර්ගෙන් දේසපාලක තුමාට බලපෑම් කිරීමයි මේ සෙල්ලමේ අරමුණ.
ඉතින් ආණ්ඩුවෙ ඉන්න ප්‍රබල ඇමැතිලගෙ පවුල්වල සමහර සාමාජිකයො මෙයාල දැනටමත් බාගෙනලු. ඒ බව රජයට ඉතාමත් රහසිගත විදියට වාර්තා කළේ ආණ්ඩුවෙ බුද්ධි අංශය... මේ දැලට කොටුවෙලා ඉන්න මැති ඇමැතිල දෙතුන් දෙනෙක්ගෙ නම් ගම් එහෙමත් ඒ වාර්තාවෙ තියන බවයි ආරංචි. ඒක ඊයෙ පෙරේදා රටේ ලොකු මහත්තය අතට පත්වෙලා. උන්නැහේ මේ ගැන ජ්‍යෙෂ්ඨ ඇමැති දෙතුන් දෙනකුට සැර අවවාද දුන්න බවත් ආරංචියි.