2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

ක්‍රිකට් පෙරළියක්

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 488

මේක ක්‍රිකට් කතාවක්. ලංකාවෙ ජනප්‍රියම ක්‍රීඩාව මේ විදියට අගාධයට තල්ලු කළේ කවුද කියන එක ගැනයි මේ කතාව ඇතිවුණේ. රජයේ උසස්ම පදවියක් දරන කෙනෙක් ළඟ කැබිනට්ටුවට සම්බන්ධ දෙතුන් දෙනෙක් මේ කතාවට එකතුවෙලා හිටියලු.

ලංකාවට ලෝක කුසලානෙ ගෙනාව “කැප්ටන් කූල්” කියන කතා හරිය කියලයි හුඟ දෙනෙක් කියන්න ගත්තෙ. මේ වැඩ කටයුතු බලාගන්න පත් කරපු “සෙල්ලං සිරි” ඇමැතිතුමාටත් ඉහළම තැන්වලින් මෙතෙන්දි එල්ල වුණේ ලොකු දොස්මුරයක්ලු. ඒත් එයා එතන ඉඳලා නැහැ...

ආරස්සක හේතු හින්ද පකිස් දේසෙ ක්‍රිකට් බැහැ කිව්ව කස්ටියගෙ බෙල්ල කපන්න ක්‍රිකට් මණ්ඩලේ හිතුවක්කාර ලොකු ලොක්කො කරන සෙල්ලම් ගණනාවක් ගැනත් මෙතන හෙළිදරව් වෙලා. තරග පාවාදීම් ගැනත් කතාවෙලා තියනව. මෙහෙම මේ සෙල්ලම අගාධයට තල්ලු නොකර ආයෙත් අතුරැ සභාවක් ගේමු කියලයි හුඟ දෙනෙක් යෝජනා කළේ.

හැබැයි ඒකට මෙච්චර කල් මේ වැඩේ අල කරපු අය නම් ගාවගන්න එපා කියලයි කියැවිලා තියෙන්නෙ.

ඒත් ඒක කෙරෙන දවසක් තීන්දු වුණේ නැතිලු.