මෙච්චර කල් සෙනසුරු නීචවෙලා හිටපු දේසපාලකතුමෙකුට මේ සතියෙ සිද්ධ වුණ සෙනසුරු මාරුවෙන් පස්සෙ ආයෙමත් හරියනවලු.
පහුගිය දවස්වල උන්නැහේට තිබිල නැතිවෙච්ච පට්ටම් නැවත ලැබෙනව කියලත් කියනවා... විශේෂයෙන්ම මුදල් අංසෙ බරපතළ වගකීම ලැබෙනව කියන එකයි මේ ආරංචිය පතුරවන අය කියන්නෙ.
නරකට හිටපු සෙනසුරා හොඳට ලැබුවම මුන්නැහේගෙ පක්ෂියා රජවෙන එක වළක්වන්න බැහැ කියලත් කියනවා. මේ කතාව දියවන්නා කවුන්සිල් කස්ටියට ළඟදි කිව්වෙ කොළඹ කිට්ටුව තියන ආරාමෙක වැඩවසන සිරිකොත පැත්තෙත් නිතර යන හිමිනමක්ලු.
සෙනසුරාගෙ බලපෑම නිසා තමන්ගෙ ග්රහයො නීච වුණා කියලා හිතපු දේසපාලකතුමා දැන් හොඳ සෙනසුරාගෙන් නැතිවුණ දේවල් ලබාගන්න පුද පූජා එහෙමත් තියනවලු.
කොළඹ දිසාවෙන් පත්වෙලා ඉන්න මුන්නැහේට ආයෙත් කොළඹ දිසාවෙ “හිරු” වගේ බැබළෙන්න පුළුවන් කියලා එයා හිතනවලු. ඒත් ඉහළම මන්දිරෙන් තවම කිසිම කොළ එළියක් පත්තු නොවීමලු තියන ප්රශ්නෙ.