ඒකාබද්දෙ කස්ටියයි මෛත්‍රී පිලයි පූට්ටු කරන්න ආයෙමත් තිරය පිටුපස කතාවක් පටන් අරන්ලු. දෙපැත්තෙ ජෝන් තුමා, දිනේෂ් තුමා, සුසිල් තුමා වගේ මැදහත් ජ්‍යෙෂ්ඨ කස්ටිය මේ කතාබහේ සැරට බැහැලා ඉන්නවලු.
පසුගියදාක මේ අය කොළඹ සුප්‍රකට අමාත්‍යංශයක ඇතුළු කුටියක පැය ගණනක් කුටු කුටු ගාමින් සමගියට මාවත හදන්න සැලසුමක් හැදුවා කියලා කියනවා.
ඒත් ඉතින් මේ වැඩේ කරගන්න නොදී හෙනහුරු වැඩ කරන කීප දෙනෙක් නිසා අනාගතේ ශ්‍රී ලංකා පක්ෂය නැතිවෙන්නත් පුළුවන් කියලා මෙතන කතාවෙලා.
රජරටින් ආපු මෛත්‍රී පිලේ වගකිව යුතු ලොක්කෙක් රුහුණෙන් ආපු තවත් අනාගත ලොක්කෙක් පෙරළන බාල්දි ගැන මෙතන තදින් කතා වෙලාලු. ඒ වගේම ගම්පහින් එන මහින්ද පිලේ ලොක්කෙක්ගෙ දරදඬු කතා සාමයට බාධාවක් කියලත් කියැවිලා.
ඉතින් මේ කරුම දෝෂයෙන් පක්ෂය බේරාගන්න මෙයාල අපූරැ සැලසුමක් හැදුව බවත් කියැවෙනව. ඒක තව ටික දවසකින් එළිදකින්න පුළුවන් බවත් ආරංචියි...