2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

මට ඕනෑ දෙකයි

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 482

පුටු පාටියෙ ලොකු ලේකම්කම කරන උන්නැහේගෙ ගෙදර මීටිමක් කැඳවලා තිබුණා. ඒ මීටිම කැඳෙව්වෙ පුටු පාටියත් එක්ක අලුතින් සන්ධානගත වෙන්න කැමැති අයට ඒකට ඉඩකඩ සලසන්නයි.

මේ විශේෂ රැස්වීමට පක්ෂ ගණනාවක නායකයො සහභාගි වුණා. අලුත් පක්ෂ පරණ පක්ෂ උතුරෙ පක්ෂ දකුණෙ පක්ෂ ඇවිත් හිටිය. සංගරිල - ආරියවංශල - මනමේන්ද්‍රල වගේ තවත් පක්ෂ ගණනාවක උදවිය හිටියා කියමුකො.

ඉතින් මේ රැස්වීමෙදි ඒ ඒ පක්ෂවලට මැතිවරණයෙදි අපේක්ෂකයන් බෙදාගන්න කතාබහ වුණාලු... රැස්වීමෙ හිටපු පක්ෂ නායකයො තමන්ට අවශ්‍ය අපේක්ෂක සංඛ්‍යාවන් නියමිත පරිදි දැනුම් දුන්නම එක පක්ෂ නායකයෙක් විතරක් තමන්ට අපේක්ෂකයන් අවශ්‍ය නැතැයි කියල දැන්නුවා. එතන හිටපු පුටු පාටියෙ ලොක්කො අපේක්ෂකයො එපා ඇයිද කියල ඇහුවම උන්නැහේ අපූරු උත්තරයක් දුන්නා.

“මගේ පක්ෂයෙ ඉන්නෙ මමයි නෝනයි තව කිහිපදෙනකුයි විතරයි... ඒ නිසා අපේක්ෂකයො එපා මට රැස්වීම්වල හොඳට කතා කරන්න පුළුවන්. ඒ හින්දා රැස්වීම්වලට යන්න හෙලිකොප්ටරයක ගමන් පහසුකම ලැබෙන්න ඕන... ඒ වගේම එස්.ටී.එෆ්. එකේ ආරක්ෂාවත් ඕන... ඒ දෙක ලැබුණොත් මට ඇති.” පක්ෂ නායකයා කිව්වා...

රැස්වීමෙ මුලසුනේ හිටපු පක්ෂ ලේකම් තැන හොඳයි ඔබතුමා වගේ කෙනකුට ඒක නොදී බැහැනේ. මම ලොකු මහත්තයා එක්ක කතා කරලා අවසර ගන්නම්කො කියල කිව්වලු. ඊටපස්සෙ ජනතාවට අලුත් සිංහල උරුමයක් හොයලා දෙන්න මේ දවස්වල උන්නැහැ ලෑස්ති වෙනවලු

 

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00