අත පාටියට රජරට තියෙන ජනබලය කොහොමද කියල දැනකියා ගන්න ආණ්ඩුවෙ ප්රබලම ඇමැති සයිස් මහත්තයෙක් පොඩි සමීක්ෂණයක් දියත් කළා.
උන්නැහේ මේ දවස්වල ටිකක් සැරට කතා කරන තමන්ගෙ පක්ෂයේ ඉහළ තානාන්තර දරාපු කෙනෙක් කීවොත් නිවැරදියි.
ඉතින් එතුමා තමන්ගෙ සමීක්ෂණයෙදි පළාතෙ බලවත් දේශපාලන චරිතවලට තියන හයිය ගැනත් විමර්ශනය කෙරෙව්වලු... මේ දවස්වල රජරට ප්රබලයෙක් හැටියට පෙනී සිටින ඒ පළාතෙ දේසපාලන පවුලක තරුණ බලවතෙක්ගෙ ජනප්රියකම ගැන විශේෂයෙන් සෙව්ව කියලත් ආරංචියි...
මේ තැනැත්තාගෙ ජනප්රියතාව ගැන ආපු ප්රතිඵලය අපූරු එකක්ලු... ඒ නිසා මේ බලවතාට ඉස්සරහට විස්සෙන් පහළ තරගවලට ඉදිරිපත් වෙන්න පුළුවන් කියල සමීක්ෂණය කරපු බලවත් දේශපාලකතුමා තමන්ගෙ හිතවතුන් එක්ක විහිලුවට වගේ කියලා. එයාට මේ ප්රතිඵලය අත්පත් වුණේ මොළේ අඩුවෙන් පාවිච්චි කරලා කරන කතා නිසා කියලත් හෙළිදරව්වෙලාලු...