රටේ දේශපාලනේ කුණාටු ඇතිවෙද්දි ලොකු ලොක්කො දෙවි දේවතාවුන්ගෙ පිහිට පතනවා... මේ දවස්වල දේශපාලන බලවත්තු දේව පිහිට හොයන්න යන්නෙ අල්ලපු රටටලු. පසුගිය දවසක රටේ දෙවැනි මහත්තය මයිසූර් පැත්තෙ මුකම්බිකා කෝවිලට පූජාවකට ගියා කියල ආරංචියි. වතුකරේ ඉඳන් ඇමැතිකමකට ඉව අල්ලන තොණ්ඩමෑන්තුමා කර්නාටකේ පැත්තෙ සබරිමලේ අයියප්පන් කෝවිලේ දින ගණනක පූජාවක්ලු... තනතුරු පතා මෙය කරන බවත් කියැවෙනවා.
වතුකරේම එයත් එක්ක සටන් කොරන “දිගම්” උන්නැහෙත් තමිල්නාඩුවෙ කෝවිල් ගණනක පුදපූජාවල ඉන්න බව ආරංචි. ඒකාබද්දෙ හයිය වැඩිකර ගන්න ඒ පැත්තෙ දෙතුන් දෙනෙක් තවත් සුමානයකින් විතර අල්ලපු රටට යනවලු... ඒත් යන්නෙ කවුද කියල තාම තීන්දුවක් නැතිලු. ඊළඟට දියවන්නා කවුන්සිලේ ලොකු මහත්තයා ඉන්දියාවෙ නාගූර් පුදබිමේ වන්දනාවකට යන්න සූදානම් කියල ආරංචියි.
ඒත් මේ විදියට ලංකාවෙ දේශපාලන පින්වතුන්ගෙන් ලැබෙන ඉල්ලීම් කන්දරාවට පිහිටවෙන්න ඉන්දියාවෙ දේව සභාවට පුළුවන්ද කියන එකයි ප්රශ්නෙ.