2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

ඡන්ද ලොක්කා කරන්න යන අපූරු වැඩේ

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 466

දේශපාලන ගුණ්ඩු නිසා කල්යන ඡන්දෙ ගැන ඡන්ද කරන ලොක්කට මළ පැනලලු... මේ විදියට වැඩේ හුටපටයක් වීමෙන් ජනතාව තමන්ටත් දොස්මුර දාන එකටයි එයාට කේන්ති...

ඉතින් පසුගිය දවසක උන්නැහේ හම්බවුණ මිත්‍රයො කස්ටියක් දිගින් දිගටම ඡන්ද පරක්කු වීමට කරන්න දෙයක් නැත්දැයි ප්‍රශ්න කළා. “නැත්තෙ මොකද.. තියනවා තියනවා” ඡන්ද ලොක්කා කීවා...

“තියනවය කිව්වට ඔබතුමාට ඇත්තටම කරන්න පුළුවන් මොකද්ද අප්පා”... ආයෙම මිත්‍රයො ප්‍රශ්න කළා.

“ලබන නිදහස් දවසට කලින් ඔය ඡන්දෙ තියාගන්න බැරිවුණොත් මම ඡන්ද කොමිසම ඉස්සරහ මහපාරෙ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියනවා කියලා කියනව අද නිදහස් දවස වුණාට රටට කිසිම නිදහසක් නැහැ. මේ රට නිදහස් රටක් නෙවේ කියලා... ඔන්න බලපල්ලා... මම කිව්වොත් ඒක කරනව. කරනවාමයි* ඡන්ද ලොක්ක සපථ කළා.