අලි පාටියෙ කවුන්සිල් මැම්බර්කමකට මිණිපුරේ පැත්තෙන් පත්වුණ කටකාරයෙක් ඉන්නව.. පසුගියදාක උන්නැහේ ආණ්ඩුවෙම ඉන්න නිල් පාට ඇමැති කෙනකුගෙ කතාවකට කවුන්සිලේදිම පොඩි ෂොට් එකක් දුන්නලු.
අයවැයෙන් මුදල් අංසෙ ලොක්ක ඉදිරිපත් කරපු එක්තරා යෝජනාවකට බොහෝ දෙනෙක් විරුද්ධ නිසා තමනුත් විරුද්ධයි. ඒ හින්ද ඔය යෝජනාව ඉටුකරන්න නීති හදන්නෙ නැති බවත් නිල් පාට ඇමැති හයියෙන් කිව්වා.
ඒක අහන් හිටපු මිණිපුරේ තරුණ අලියට මලපැනල ඇමැති තැන කැබිනට්ටුවෙ කතා කරන්න ඕන දේවල් මෙතන කතා කරල බොරුවට වීරය වෙන්න හදන්න එපා කියලා ඝෝසාවක් දැම්ම... ඒ වෙලාවෙම කවුන්සිල් මීටිම දවල් කෑමට නැවැත්තුව. ඇමැතිතුමයි මන්තිරිතුමයි දෙන්නම අවන්හලට කන්න ගියා. ඔන්න ඒ පාර දෙන්න මුහුණට මුහුණ හම්බවුණා. ඔන්න ඒ පාර ඇමැතිතුමා මන්තිරි ළඟට කිට්ටු කළා. සමහරු බලන් හිටියෙ වලියක් යයි කියල... ඒත් එහෙම වුණේ නැහැ. ඇමැති තැන මන්තිරි තැන ළඟට ගිහිල්ලා කිව්වෙ මෙහෙමලු...
මල්ලි කැත වැඩ කරන්න එපා. ආ... කට්ටිය මැද්දෙ අපට ඔහොම කතා කරන එක හරිද.. ප්රශ්නයක් තියනව නම් පස්සෙ අහන්න. මොකක්හරි කරගන්න ඕන නම් මිනිස්ට්රිය පැත්තෙ එන්න... එහෙම නැතුව අපට ඔය විදියට කෝචොක් දාන්න එපා මල්ලි... කිව්ව ඇමැතිතුමා මල්ලි අපි මොනවහරි කමු කියලා මල්ලි එක්ක දවල්ට කෑවා...