කාලෙකට පස්සෙ ජෝංතුමා විපක්ෂයේ සන්තෝෂය පිණිස කතාවක් කළාලු. පොලීසි ආණ්ඩුව ඡන්දෙ තුනම කොරන්නෙ කොහොමද කියල උන්නැහේ කියල කිරෙන් වතුර වෙන්කරල වගේ සාධාරණේ අසාධාරණේ ගැන කතා කරපු උන්නැහේ ජරමර කළොත් ගහල පන්නන බවත් කීවලු...
ඔන්න බැඳුම්කරෙන් පස්සෙ හරිහමන් කටගැස්මක් නැතුව වේලි වේලි හිටපු ඒකාබද්දෙ ජෝංතුමාගෙ කතාව මාර බයිට් එකක්වෙලා කියල නෙළුම් පොහොට්ටු කන්තෝරුවෙ ලොකු කතාවක් ගියා...
ඊලඟට ජෝංතුමාගෙ ප්‍රකාශෙ පතුරැ අරින ගමන් ඡන්ද කොමිසමට පොලිස් කොමිසමට පැමිණිලි හැට හුටාහමාරක් කරන්න ඒකාබද්දෙ කස්ටිය සැලසුම් කරල.
ජෝංතුමාගෙ ආෂික් කතාවෙන් සැබෑ ආතල් එකක් අරගෙන මිසක් නවත්තන්නෙ නැහැ කියල හිටපු ලොකු තැන ඉස්සරහ ඒකාබද්දෙ ඉන්න කටකාර - ගෝරිකාර තරමක් ප්‍රසන්න උන්නැහේල කස්ටියක් කීවලු...