මිනිපුරේ පැත්තෙ දියවන්නා පට්ටමක් දරන මන්ත්රි සයිස් මහත්තයෙක් ඒ පළාතෙම ආණ්ඩුවෙ ඇමැති කෙනෙක් හම්බුවෙන්න ආවලු. ගෙදරට වගේම කන්තෝරුවටත් පැමිණි මේ කවුන්සිල් මහත්තය ඒකාබද්දෙ කටයුතුවලට දුර ඉදන් උදව් කළා...
උන්නැහේ මෙහෙම හදිස්සියේ ඇමැති තැන හමුවුණේ තමන්ට බලපාන බරපතළ ප්රශ්නයක් ගැන පොඩි කේවල් කිරීමකට කියලයි ආරංචි...
ඉතින් උන්නැහේ තමන්ගෙ ප්රශ්නය ගැන ඇමැතින් එක්ක කතා කළාම ඇමැති තැන ඒකට උදව් කරන්න නම් මෙහෙම වෙන්න ඕන... නැත්නම් වෙන්නෙ මෙහෙමයි කියල පොඩි රතු එළියක් පත්තු කළා කියල ආරංචියි...
කොහොම හරි ප්රශ්න නිසා තැලිල ඉන්න දියවන්නා මෑන් ඇමැති තැනගෙ යෝජනාවට කැමැති වෙලාලු... ඒ අනුව තවත් කරණමක් ගැහෙන්න ඉඩ තිබෙන බවයි ආරංචි... ඒ කරණම අද හෙටම සිද්ධ වෙන්නලු යන්නෙ. ඒ බව ඒකාබද්දෙ ලොකු ලොක්කන්ටත් ඉව වැටිල එයාලට ඒක කියල තියෙන්නෙ මේ කරණමට සැරසෙන මහත්තයගෙ පැත්තෙන්මලු...
ඒත් ඉතින් මේ මන්තිරි තැන තමන්ට රාජ්ය මට්ටමේ ඇමැති පට්ටමක්වත් ඕනය කියල කරපු ඉල්ලීමට ඉහළින් හරිහමන් ප්රතිචාරයක් නොලැබීම නිසා කතන්දරේ ටිකක් දික්වෙන්න පුළුවන් කියලත් කියනව.