අත පාටියෙ දෙගොල්ල එකට ඡන්දෙ කොරන්න ගත්ත උත්සාහයක් සේරම කඩාකප්පල් කළේ පොහොට්ටු විපක්ෂයේ ඉන්න දෙතුන් දෙනෙක්ය කියල එක කතාවයි.
මේ චෝදනාව එල්ල වුණ අය අතරෙ ගිරුවායෙ මල් මන්ත්‍රී තැනත් හිටිය. ඉතින් ඒ ගැන බොහොම හිත් අමාරු කරගත් වයඹ පැත්තෙ සෙල්ලං ඇමැති තැන එකතුව වළක්වන අයට ප්‍රසිද්ධියෙම දොස් පරොස් කියන්න පටන් ගත්ත.
මේ අල්ල පනල්ලෙ දවසක් දියවන්නා කවුන්සිලේ කොරිඩෝවකදි මල්ට - සෙල්ලං හම්බවුණා...
ඔන්න ඒ පාර සෙල්ලම් මහත්තය ආයෙම තමන්ගෙ මාතෘකාව ඇදල ගත්ත...
ඔයාල ඇයි මේ එකතුවට විරුද්ධ - සෙල්ලං - මල් ගෙන් ඇහුව. “ඔව් මම විරුද්ධයි... අපිට ගහල ගහල කරන්න පුළුවන් දේවල් සේරම කරනකොට ඔයාලට මේ එකතුවීම ගැන මතක් වුණේ එහෙම නැත්ද? මල් සෙල්ලංගෙන් ඇහුව.
ඒ පාර සෙල්ලං මහත්තය එකතුවේ අගය පහදා දෙන දේසනයක් කරන්න ලෑස්තිවුණා. එතකොට තවත් කේන්ති ගත්ත මල් මන්තිරි තැන අනේ අයියේ අරව... කතා කරන්නෙ නැතුව අපි වෙන වැඩක් බලාගනිමු... කියල යන්න ගියා.