ඉන්දියාවෙ දෙවි දේවතාවුන් පුදන්න නිතර දුවන වතුකර දේසපාලන ලොක්කෙක් පහුගියදා එරට බොහෝ අනුහස් ඇති සබරිමලේ කෝවිල වඳින්න ගියා.
කෝවිල වඳින්න යන උදවිය අනුගමනය කළ යුතු චාරිත්තරේ හැටියට කළු ඇඳුමකින් සැරසිලා පයින්ම ලොකු කන්දක් නැගලයි දේවාලෙට පිවිසෙන්නෙ.
ඉතින් ඒ විදිහට සබරිමලේ කන්ද තරණය කරන්න ගිය වතුකර “මෑන්*තුමාට කන්ද නැගගන්න අමරුවෙලා... ඒකට හේතුව උන්නැහේලට කඳු බැහැල මිසක් කඳුනැගල පුරුද්දක් නැති නිසයි.
දේවාලෙට යන්නත් ඕන. ඒත් කන්ද නැග ගන්නත් බැහැ. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් වෙලා කියනකොට උන්නැහේ දෝලාවක හිඳුවාගෙන කන්දට ගෙනියන්න ජවසම්පන්න තරුණයෝ පිරිසක් ඉදිරිපත් වුණා...
ඒ අය ඒක කරන්නෙ මුදලටයි. අන්නිමේදි වතුකර “මෑන්”තුමාට මේ තරුණයන්ට මුදල් දීලා දෝලාවෙන් දේවාලෙ වඳින්න යන්න වුණාලු.
ඊට පස්සෙ ලොකු ගණනක් පොරොන්දුවෙච්ච තරුණ පිරිස් උන්නැහේ දෝලාවෙන් දේවාලෙට ගෙනිච්චලු. උන්නැහේ දේවාලෙදි ආණ්ඩුවෙ තනතුරු ලාභයක් ලැවේවා කියල පූජාවකුත් කළාලු.