වෙළඳාමට සම්බන්ධ ආණ්ඩුවේ කන්තෝරුවකට පත්වෙන සභාපතිලාට ලබලා තියෙන්නේ මාරක අපල කාලයක්ලු.. එතන සභාපතිකම කරන්න සන්තෝසෙන් බාරගන්න සභාපතිලා ටික දවසක් හිටි ගමන් යන්න යනවලු. නැත්නම් අයින් කරනවලු. යහපාලනේ ඇවිල්ලා ගතවුණ අවුරුදු තුනට සභාපතිලා පස් හය දෙනෙක් මේ විදිහට ආවා ගියා කියලා තතු දත් අය කියනවා....
සභාපතිලා විතරක් නෙවේ ඒ වැඩභාර අමාත්‍යංශෙට එක ලේකම්ලත් ඉන්නේ මාර ආතතියකින්ලු. සමහර ලේකම්ලත් කෙටි කලකින්ම යන්න යනවලු.
ඔය විදිහට සන්තෝසෙන් වැඩ භාරගන්න සභාපතිලා හිටි ගමන් වාෂ්ප වෙන්නේ ඇයි කියලා ආණ්ඩුවෙම කස්ටියක් හොයලා බැලුවා. ඔන්න බොලේ ඒ පාර ආරංචි වුණා මේකට සීයට තුනක කතාවක් සම්බන්ධ බව...
මේ සීයට තුන මොකද්ද? ඒක කොහෙද? කාටද ඕන කියලා හරියටම දන්නේ ගෙදර ගියපු සභාපතිලා ලේකම්ලම තමයි කියලා එතන සේවකයෝ කියනවා. දේශපාලන අතකින් මෙතන රූකඩ නටවන්න හදන බලවතෙක් නිසා මේ හුටපට සේරම ඇතිවෙලා කියලා සමහර කටහැකර සේවකයෝ කුටුකුටු ගානවා ඇහුණා.
එයාලා එහෙම කිව්වට විෂය භාර බලධාරියානම් කියන්නේ ඔය කියන කතා අමූලික කෙප්ප කියලයි.