මැති ඇමැතිගොල්ල නාම යෝජනා ප්රශ්නවලදී හුඟක් දේවල් කැප කරන්න සූදානම්...
සමහරු වැඳලාහරි නාමයෝජනා ගන්න කැමති බව මේ ඡන්දෙදී පෙනුණා.. මේ විදිහට කරපු අලුත්ම වැඳිල්ල සිද්ධ වුණේ කළුතර පැත්තෙදී...
රත්තරන් වගේ දිලිසෙන ඒකාබද්ධෙ ඉන්න.... පළාතේ මන්තිරිතුමෙක් ඊයේ පෙරේදා දවසක් උදේ පාන්දර ලොකු පළතුරැ කූඩෙකුත් අරන් පළාතේ පන්සලක නායක හිමි නමක් බැහැ දුටුවා...
මුලින්ම නායක හාමුදුරුවන්ගේ දෙපා නමස්කාර කරපු මන්තිරි තැන... තමන්ගේ කෙනෙකුට අපේක්ෂකකම ලබාගන්න හාමුදුරුවන්ට ලැබිලා කියන අපේක්ෂකත්වය දන් දෙන්න පුළුවන්ද කියලයි ඇහුවේ...
තමන්ට ඒක එක පාරටම කරන්න අමාරු බව කියපු හාමුදුරුවෝ මන්තිරිතුමා කියන පිංකම කරන්න කළින් ඉහළින් උපදෙස් ගන්න ඕන කියලලු කිව්වේ...
එහෙම කිව්වට කතාවට දක්ෂ මන්තිරි තැනත් වැඩේ අතෑරියේ නැතිලු.. අහවල් පක්ෂයෙන් එන අහවලාටයි මේ තැන ඉල්ලන්නේ. එයා ආවොත් අපට ලොකු හයියක් කියමින් උන්නැහෙත් ගානට තෙල බෙදලා. කොහොමින් කොහොමහරි අවසානේ අපේ හාමුදුරුවරුන්ටත් සාධාරණේ ඉටු කරන පොරොන්දුව පිට උන් වහන්සේ අපේක්ෂකකම දන්දෙන පිංකමට දායක වුණාලු.